ලාංකිකයෙක් LTTEයට මුදල් රැස්කරයි

Tuesday, 19 January 2016 - 13:14

%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+LTTE%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එල් ටී ටී ඊ සංවිධානය වෙනුවෙන් ජර්මනිය තුළ මුදල් එක්රැස් කිරීමේ නිරතවූ ශ්‍රී ලාංකිකයෙකු ඊයේ එරට අධිකරණය හමුවට පමුණුවනු ලැබුවා.

හැම්බර්ග් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයෙකු වන අතර අධිකරණයේදී හඳුන්වා ඇත්තේ යෝගේන්ද්‍රන් ජී යන කෙටි නාමයෙන්.

53 හැවිරිදි ඔහු 2007 වසරේදී ජර්මනියේ පුරවැසිභාවය ලැබූ ශ්‍රී ලාංකිකයෙකු බවද විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කළා.

ජර්මනියේ උතුර ප්‍රදේශයේ පිහිටි හැම්බර්ග් නගරය කේන්ද්‍ර කොටගෙන එල් ටී ටී ඊ සංවිධානය වෙනුවෙන් මොහු මුදල් එක්රැස් කිරීමේ නිරතවී ඇත්තේ 2007 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුළයි.

එහිදී ඔහු යුරෝ අසූ එක්දහසක පමණ මුදලක් එක්රැස් කර එල් ටී ටී ඊ සංවිධානය වෙත ලබාදී තිබෙනවා.

එම මුදල් එල් ටී ටී සංවිධානය මෙරට සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුලූ ත්‍රස්ත ක්‍රියා සඳහා යොදාගෙන ඇති බවටයි ජර්මනියේ නීතිපති අංශ අධිකරණයේදී කියා සිටියේ.

නඩු විභාගය මාර්තු 7 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.