පොලීසිය, ගුණරත්නම්ට නිදහස ඉල්ලූ, පෙරටුගාමීන් නහවයි.

Tuesday, 19 January 2016 - 14:25

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%2C+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%84%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස බල කරමින් කොළඹ දී විරෝධතාවක නිරත වූ එම පක්ෂයේ සාමාජිකයන්ට අද පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කළා.

ඒ, මරදාන - ටෙක්නිකල් මංසන්ධියේ සිට පා ගමනින් පැමිණ ලෝටස් වටරවුම පසුකර පොලිස් මාර්ග බාධක බිද දමමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගමන් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන්.

පසුව පිරිස විසිර ගිය අතර, ඊට පෙර එම ස්ථානයේ සිට අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව කියාසිටියේ පොලීසිය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේදී පක්ෂග්‍රාහීව කටයුතු කරන බවයි.