අවුරුදු 2ක දියණිය සපාකන පියෙක් (ඡායාරූප)

Wednesday, 20 January 2016 - 9:27

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+2%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වයස අවුරුදු 2යි මාස 6ක් වන  දියණියට කෘර ලෙස පහර දී ඇයව සපා කෑ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ පරණ එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකි.


දැරිවියට සැකකාර සැමියා වේවැලකින් පහර දෙමින් සපා කන බවට කාන්තාවක් විසින් කර ඇති පැමිණිල්ලකට අනුවයි පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

දැරියගේ ශරීරයේ ස්ථාන කීපයක පහරදීම්  සහ සපා කෑමේ තුවාල දක්නට ඇති බව පොලීසිය කියයි.

දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශණ  පවත්වයි.





















ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර