ආර්ථික සමුළුවේ අපේ තැන

Wednesday, 20 January 2016 - 9:41

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර ලෝක ආර්ථික සමුළුවේ විදෙස් ආයෝජකයන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ස්විට්සර්ලන්තයේ ඩෙවොස් නුවර සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා සඳහන් කළේ ආර්ථික සමුළුවේදී ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.   

ස්විට්සර්ලන්තයේ - ඩෙවොස් හිදී ලෝක ආර්ථික සමුළුව අදින් ඇරඹෙන්නේ ලොව රටවල් 40කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන්.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම සහ රවී කරුණානායක සහභාගිවීමට නියමිතයි.  

එහිදී ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතා පිළිබඳව ගැඹුරෙන් විමසා බැලෙනු ඇති.

අනාගත ලෝකය යහපත් කරලීම සඳහා ලෝක නායකයන්ගේ සැළසුම් එක අරමුණකට යොමුකිරීම මෙන්ම ගෝලීය සහ කලාපීය ආර්ථික න්‍යාය පත්‍ර සැකසීමේ සාමූහික උත්සාහයක් ක්‍රියාත්මක කිරීමද සමුළුවේ අරමුණු අතර වනවා.

ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි.