UPDATE: පාකිස්ථානයේ විශ්ව විද්‍යාලයකට ත්‍රස්ත ප්‍රහාරයක් - 20ක් මරුට - 60කට තුවාල

Wednesday, 20 January 2016 - 12:35

UPDATE%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+20%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+60%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
වයඹ දිග පාකිස්ථානයේ බචාකාන් විශ්වවිද්‍යාලයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වනවිට ආචාර්යවරයෙකු ඇතුලූ විසිදෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව නවතම විදෙස් වාර්තා ප්‍රකාශ කළා. ත්‍රස්තවාදීන් දසදෙනෙකු පමණ තවමත් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ රැඳී සිටින බව සඳහන්. ඔවුන් සොයා පාකිස්ථාන ආරක්ෂක අංශ මේ වනවිටත් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා



පාකිස්ථානයේ විශ්ව විද්‍යාලයකට ත්‍රස්ත ප්‍රහාරයක්
---------------------------------------


පාකිස්ථානයේ විශ්ව විද්‍යාලයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි. වයඹ දිග පකිස්තානයේ චර්සද්දා ප්‍රදේශයේ බචාකාන් (Bacha Khan) විශ්ව විද්‍යාලයට තවමත් ප්‍රහාර එල්ල වන බව සඳහන්. විශ්ව විද්‍යාලය භූමියට ඇතුළු වී සිටින කැරළිකරුවන් මර්ධනයට ආරක්ෂක අංශ විසින් දැඩි උත්සහ ගනිමින් සිටී. තුවක්කු කරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අවිගත් පුද්ගලයින් විශාල ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයේ දෙවන සහ තුන්වන මහළ  සියතට ගෙන තිබේ.

පිපිරීම් ශබ්ද කිහිපයක් වාර්තා වී ඇත. බලධාරීන් පවසා ඇත්තේ, මේ වන විට විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 70%ක් පමණ බේරා ගෙන ඇති බවයි. රසායන විද්‍යා මහාචාර්යවරයෙකු ජීවිතක්ෂයට පත්ව 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

අද දිනයේ විශ්වවිද්‍යාලයේ ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව තිබුණි.  ඒ හේතුවෙන් ආරාධිතයින් 600ක් සහ  සිසුන් 3000ක් පමණ විශ්වවිද්‍යාල තුළ සිට ඇත.

2014 වසරේ විශ්ව විද්‍යාලයට ආසන්න පාසලකටද ප්‍රහාරයක් එල්ලවීය. ඉන් 130කට වැඩි සිසුන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.