භික්ෂු කතිකාවත මහනාහිමිවරුන්ගේ ලිඛිත අවසරය මත යළි පාර්ලිමේන්තුවට

Wednesday, 20 January 2016 - 13:21

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%9B%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ථේරවාදී භික්ෂු කතිකාවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පත යළි මහනාහිමිවරුන්ට ඉදිරිපත් කර උන්වහන්සේලාගේ ලිඛිත අවසරය මත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබාදී තිබෙනවා.

අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම පනත් කෙටුම්පත පිළිබදව බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩල රැස්වීමට කරුණු පැහැදිලි කිරීමක් ද සිදුකර තිබෙනවා.