වකුගඩු ජාවාරමට සහය දුන් වෛද්‍යවරුන් හයකට නඩු

Wednesday, 20 January 2016 - 13:35

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
වකුගඩු ජාවාරමට සම්බන්ධ මෙරට වෛද්‍යවරුන් හයදෙනකුට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය පොලීසිය කටයුතු කර ඇති බව හින්දු පුවත්පත වාර්තා කළා.

එහි සඳහන් වන්නේ මුදල් ලබාගෙන ශ්‍රී ලංකාවේ රෝහල් හතරක මෙම වෛද්‍යවරුන් ඉන්දියානුවන්ට වකුගඩු බද්ධ කිරීම් සිදුකර ඇති බවයි.

2012 වසරේ සිට ඔවුන් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 60 ක් පමණ සිදුකර ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.

වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම මෙහෙයවන පුද්ගලයන් ඒ සඳහා ලක්ෂ 30 ක පමණ මුදලක් ලබාගෙන ඇති අතර වකුගඩු විකිණීම සහ ඒවා බද්ධ කරගැනීම සිදුකර ඇත්තේ ඉන්දීය ජාතිකයන්.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වූ වකුගඩු ජාවාරම සඳහා ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය යොදාගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය මීට පෙර හෙළි කළා.

ජාවාරමට සම්බන්ධ කරගත හැකි පුද්ගලයන් හඳුනා ගැනීම ඔවුන් මෙමඟින් සිදුකර තිබෙනවා.