ෆේස්බුක්, වයිබර් හරහා රහස් පින්තූර යවන්නේ බලාගෙනයි

Wednesday, 20 January 2016 - 14:54

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%96%E0%B6%BB+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
සමාජජාල වෙබ් අඩවි හරහා කප්පම් ලබාගන්නා කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

තරුණියන් ලෙස පෙනී සිටිමින් තරුණයන් සමඟ සබඳතා ඇති කරගෙන ඔවුන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට පවසා බියගන්වා මුදල් ලබාගන්නා මෙම පිරිස පිළිබඳව  පැමිණිලි රැසක් ලැබී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

යුද හමුදා සෙබලෙකු සිදුකළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

මේ අතර පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළේ සමාජජාල වෙබ් අඩවි භාවිතයේදී නාඳුනන පුද්ගලයින් සමඟ පෞද්ගලික තොරතුරු හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසයි.