පෞද්ගලික රෝහල් 4ක ලෝක ජාවාරම හේතුවෙන් - විදේශිකයන්ගේ වකුගඩු සැත්කම් අත්හිටුවයි

Thursday, 21 January 2016 - 7:03

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+4%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A++%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මෙරට පෞද්ගලික රෝහල්වල විදේශිකයන්ට සිදුකෙරෙන වකුගඩු සැත්කම් තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මේ බව කියා සිටියේ මෙරට වෛද්‍යවරුන් 6 දෙනෙකු වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.

ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කළේ වකුගඩු ජාවාරමකට සම්බන්ධ මෙරට වෛද්‍යවරුන් 6 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළා.

UPDATE: Thursday, January 21, 2016: 0937
------------------------------------------

පෞද්ගලික රෝහල් 4ක් ලෝක වකුගඩු ජාවාරමේ

වකුගඩු ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 6 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය පොලිසිය තීරණය කර තිබෙනවා.
‘ද හින්දු‘ පුවත්පත  වාර්තා කළේ මෙම ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වෛද්‍යවරුන් 6 දෙනා පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර සිදුවන වකුගඩු ජාවාරමක් පිළිබඳ මුල් වරට තොරතුරු වාර්තා වන්නේ 2012 වර්ෂයේදී. වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය ඉන්දියාවේ රෝගීන් සඳහා තැරැව්කරුවන් මගින්  ඉතා අධික මුදලකට ඉන්දීය ජාතිකයින්ගෙන්ම වකුගඩු ලබාගෙන එම සැත්කම් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වලදී සිදුකර තිබෙනවා.
 
මෙම ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවා ලෙස සැලකෙන සුරේෂ් ප්‍රජාපති සහ ඔහුගේ සහයකයන් දෙදෙනෙක් හයිද්‍රාබාද්හිදී  පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග මෙම තොරතුරු අනාවරණ කර ගැනුණා.
 
එක් වකුගඩුවක් සඳහා මෙම තැරැව්කරුවා රෝගියෙකුගෙන් අය කර ඇති මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 30ක්.
අත්අඩංගුවට ගැනුණු තැරැව්කරුවා පාපොච්චාරණය කර ඇත්තේ මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහල් 4 කදී මෙරට වෛද්‍යවරුන් 6 දෙනෙකු මෙම වකුගඩු බද්ධ කිරී‍මේ සැත්කම් සිදුකර ඇති බවයි.
 
මුදලට ලබාගත් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 60 ක් පමණ ඔවුන් විසින් සිදුකර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
 
ඉන්දීය පොලිසිය ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 6 දෙනාට එරෙහිව නඩු පවරා ඇත්තේ නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමේ චෝදනාව යටතේයි.

මෙම වකුගඩු ජාවාරමට මෙරට වෛද්‍යවරුන්ට සම්බන්ධ වෘත්තීය සමිති ප්‍රධානියෙකු සම්බන්ධ බවට ද චෝදනා එල්ල වනවා.