ගෝඨා 8ත් පන්නයි

Thursday, 21 January 2016 - 12:08

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F+8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද නැවතත් බරපතල වංචා විමර්ශන කෙරන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඒ රක්නාලංකා ආරක්ෂක සමාගමේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළවයි.

ඔහු මෙවර ජනාධිපති කොමිසම වෙත පැමිණියේ 8 වන වරටයි.

එමෙන්ම ඇවන්ගාඩ් සමාගමට මහනුවර සහ ඇවන්ගාඞ් යන නෞකා කුලී පදනම මත ලබාදුන් ඒවායේ හිමිකරු ද අද කොමිසම හමුවේ පෙනී සිටියා.

මොහොමඩ් රීසා නමැති එම නෞකාවල හිමිකරු බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සදහන් කළේ එක් නෞකාවක් දිනකට ඇමරිකානු ඩොලර් 5000ක සහ අනෙක් නෞකාව ඇමරිකානු ඩොලර් 5500ක මුදලකට ඇවන්ගාඞ් සමාගම වෙත ලබාදුන් බවයි.

මේ අතර හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂට ලබන 25 වන දා බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යවරයාව සිටි විමල් වීරවංශ ශිරන්ති රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියාව සිටි මිලින්ද රත්නායකට නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවසක් අඩු මිලට ලබාදීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවයි.

රුපියල් ලක්ෂ 55ක් පමණ වටිනා අදාළ නිවස හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියාට ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 5ක මුදලකට ලබාදී ඇති බවට මේ වන විට කොමිසම මගින් හෙළි කරගෙන තිබෙනවා.