නාලක ගොඩහේවාට ඇප

Thursday, 21 January 2016 - 14:00

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු තුන්දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව මොවුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක නියෝග කළේ.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සිදුවූ රුපියල් ලක්ෂ 50ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

මොහුට අමතරව මෙම චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර තිිබුණේ එම කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ධම්මික පෙරේරා සහ පෞද්ගලික ආයතන ප්‍රධානියෙකුයි.