වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව

Thursday, 21 January 2016 - 14:14

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
චීනය විසින් මෙරට ආයෝජනය කර ඇති වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර මාධ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ ආයෝජන සිදුකරන ලෙස චීන ව්‍යාපාරිකයන්ට ආරාධනාවක් ද සිදුකළා.

සිංහල හෝ දෙමළ දේශපාලන සිරකරුවන් තවදුරටත් ශ්‍රී ලංකාව තුළ නොමැති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ලෝකයේ මහා පරිමාණ වෙළඳ සමාගම් රැසක ප්‍රධානීන් අතර හමුවක් ද ඊයේ පැවැත්වුණා.

ශ්‍රී ලංකාව තුළ මේ වසරේදී මහා පරිමාණ ආයෝජන සඳහා හැකි ඉක්මනින් අවතීර්ණවීමට එහිදී අදාළ සමාගම්වල ප්‍රධානීන් කැමැත්ත පළ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

46 වන ලෝක ආර්ථික සමුළුව ස්විට්සර්ලන්තයේ - ඩාවෝස් නුවර දී ඊයේ ආරම්භ වුණේ ලෝක නායකයින් රැසක් ඇතුළු ආර්ථික විශේෂඥයින් 2000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන්.

එසේම අග්‍රාමාත්‍යවරයා අද දිනයේදී ලෝකප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපතිවරයා ද හමුවීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.