හම්බන්තොට වෙළඳ වරායක් ලෙස සංවර්ධනය කර කර්මාන්ත කලාපයක් ඉදිකිරීමෙන් පසු එය ඉන්දියාව ඇතුළු සියලූ රටවල ආයෝජකයන්ට විවෘත වන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසනවා.
ස්විට්සර්ලන්තයේ - ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ ඊයේ (20) පැවති සැසියට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව ප්රකාශ කළා.
46 වන ලෝක ආර්ථික සමුළුවේ දෙවන දිනය වූ ඊයේ ගෝලීය ප්රවණතා හමුවේ ආසියානු කලාපයේ රටවල ප්රමුඛතා සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට අග්රාමාත්ය රනිල් වික්රමසිංහද සහභාගි වුණා.
ඊට පාකිස්ථාන අග්රාමාත්ය නවාස් ෂරීෆ් සහ චීන - සිංගප්පූරු මෙන්ම ඉන්දීය නියෝජිතයන් ද එක්වී සිටියා.
එහිදී තරුණ පරපුර වෙනුවෙන් රැකියා අවස්ථා බිහි කිරීමට රජයට පවතින සැලසුම් පිළිබඳව ද අග්රාමාත්යවරයා කරුණු පැහැදිලි කර තිබෙනවා.