පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය ගැන නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයන් ජනපති සමග සාකච්ඡා

Friday, 22 January 2016 - 8:19

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට පවතින කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඊයේ (20) සාකච්ඡාවකදී අවධානය යොමුවූ බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මෙම සාකච්ඡාවේදී පක්ෂයට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් පක්ෂ නායක ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී අදහස් පළ වූ බවයි.

නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරන බව ප්‍රකාශ කළා.