නව ව්‍යවස්ථාව ගැන ස්ථාවරය පහදන්න TNA සැරසෙයි

Friday, 22 January 2016 - 8:25

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+TNA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පැහැදිලි කිරීම සදහා සෑම දිස්ත්‍රික්කයකටම යාමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයට බලය හිමි උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවඥානම් පවසනවා.

එහිදී සෑම දිස්ත්‍රික්කයකම දෙමළ ජනතාවගේ අදහස් විමසීමට ද අපේක්ෂා කෙරෙනවා.

මෙම තීරණයට එළඹී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කිලිනොච්චියේදී ඊයේ (20) පැවැත්වූ සාකච්ඡාවේදීයි.

ඒ සදහා උතුරු පළාත් මහඇමති සී වී විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ද එක්ව සිටියා.

මහඇමතිවරයා සහ දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පවතින මතගැටලූ හේතුවෙන් මෙම සාකච්ඡාව පිළිබදව විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

දේශපාලන විසඳුම සදහා ඉදිරියේදී කටයුතු කළ ආකාරය මෙන්ම නව ඡන්ද ක්‍රමය පිළිබදව ද ඊයේ පැවති සාකච්ඡාවේදී අදහස් පළ වූ බවයි උතුරු පළාත් සභා සභාපති සී වී කේ සිවඥානම් කියා සිටියේ.