නව ඉන්දු ලංකා ගිවිසුමෙන් මෙරට රැකියා වෙළඳපොල අවදානමක

Friday, 22 January 2016 - 8:33

%E0%B6%B1%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
ඉන්දු ශ්‍රී ලංකා නව ආර්ථික සහයෝගීතා ගිවිසුම පිළිබඳව ඊයේ (20) පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළවුණා.

ඒකාබද්ධ විපක්ෂය ඊයේ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම කියා සිටියේ මෙය ශ්‍රී ලංකාවට සියයට සීයයක් අවාසිදායක ගිවිසුමක් වන අතර මේ  හරහා ලංකාවේ රැකියා වෙළඳපොලට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

ජාතික නිදහස් පෙරමුණේ නව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද මෙම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී   මන්ත්‍රීවරයා කියා සිටියේ අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමේ අවසාන කෙළවර ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26 වන ප්‍රාන්තය වීම බවයි.

කෙසේ වෙතත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම කියා සිටියේ බිලියන 1යි දසම 2ක් ඉක්මවූ ජනගහණයක් වෙසෙන ඉන්දියාව සමඟ පරිපූර්ණ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇති බවයි.

 එමෙන්ම ලබන ජූනි මාසය වනවිට එම ගිවිසුමට අත්සන් කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.