කුරුණෑගල වතුයායක පිහිඇනුමකින් ආරක්ෂක නිලධාරියෙකු මරුට

Friday, 22 January 2016 - 9:23

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%87%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කුරුණෑගල - යටිවැහැරවත්ත වතුයායේ ආරක්ෂක නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රී 10 ට පමණ මෙම පහරදීම සිදුකර ඇති අතර පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයා බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

බහින් බස්වීමක් දුරදිග යාමෙන් යටිවැහැරවත්ත ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු විසින් මෙම පිහිඇනුම සිදුකර ඇති බව සදහන්.

සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.