පෙම පිළි නොගත් ග්‍රාම නිලධාරිනිය පැහැරගනී (ඡායාරූප)

Friday, 22 January 2016 - 12:16

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරියක් පැහැරගෙන යාමේ චෝදනා මත පුද්ගලයන් තුන් දෙනෙකු පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඊයේ පෙරවරුවේ සිය කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් ග්‍රාම නිලධාරිවරියගේ සහෝදරයාට පහරදී ඇය පහැරගෙන ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

25 හැවිරිදි ග්‍රාම නිලධාරීවරිය පැහැර ගැනීම සම්බන්ධයෙන් ඇයගේ සොහොයුරා කොඩිකාමම් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව කල විමර්ශණයකදීයි සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ග්‍රාම නිලධාරීවරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට උත්සාහ කල 28 හැවිරිදි තරුණයකු ඇය පැහැර ගැනීමට උත්සාහ කර ඇති බවට සැක කෙරෙනවා.

ඇය අදාළ ප්‍රේම සම්බන්ධය ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුව බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ ඊට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වු පිරිස අතර වනවා.

එම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.