අලූතෙන් හදන පක්ෂයට හිටපු ජනපති මහින්දත් එයි

Friday, 22 January 2016 - 12:57

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
අලූතෙන් බිහිකරන විපක්ෂයේ නව පක්ෂයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්වනු ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

රක්නා ලංකා සමාගමේ විමර්ශනයකට අදාළව සාක්ෂි ලබාදීම සදහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද (22) පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පක්ෂ කැඞීම සහ අලූත් පක්ෂ බිහිකිරීම නව සම්ප්‍රදායක් නොවන බවයි.

එමෙන්ම තමන්ගේ නායකත්වයෙන් පක්ෂයක් බිහි නොවන බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඡුන්දය ලබාදුන් 58 ලක්ෂයේ මතය නියෝජනය කිරීම සදහා නව පක්ෂයක අවශ්‍යතාවය මතුව ඇති බවයි ඔහු සදහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබන 26 වනදා බරපතල වංචා සහ දුෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ඒ, පසුගිය කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ එහි කේටරින් සේවයේ සිදුවූවා යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළවයි.