අජිත් පී පෙරේරාට අදත් සමෘද්ධියේ විරෝධය

Friday, 22 January 2016 - 13:09

%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සමෘද්ධි නිලධාරීන්ට එරෙහිව සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය අද (22) බණ්ඩාරගම නගරයේදී විරෝධතාවයක නිරත වුණා.

පසුගියදා කළුතර - මිල්ලනිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සමෘද්ධි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ හැකිනම් උද්ඝෝෂණ සිදුකර පෙන්වන ලෙසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට එරෙහිව අද පැවති උද්ඝෝෂණය අතරතුර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර කියා සිටියේ වැඩවර්ජනය කර පෙන්වීමට තමන් බිය නොවන බවයි.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කර තිබූ පළාත් පාලන නියෝජිත හමුවකට සහභාගිවීමට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එම ස්ථානයට පැමිණියා.

පසුව පළාත් පාලන නියෝජිත හමුවට ගිය ඔහුගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳව කරුණු විමසුවා.

ඔහු කියාසිටියේ තමන් කළින් සැළසුම් කර එම ස්ථානයට නොපැමිණි බවයි.