යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පෙනේ

Friday, 22 January 2016 - 13:27

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%9A
යහපාලනය, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම අතින් ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති බව යුරෝපා සංගමය පවසනවා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම ඒ අතරෙන් වැදගත් පියවර කිහිපයක්. ජගත් සංවිධාන විශේෂ නියෝජිතයන්ට ශ්‍රී ලංකාව විවෘත ආරාධනා සිදුකර තිබෙනවා.

යුරෝපා සංගමයේ විදේශ ක්‍රියාකාරි සේවයේ ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානී පවෝලා පැම්පලෝනි ඇතුළු යුරෝපා සංගම් නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළේ  ශ්‍රී ලංකා - යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ ක්‍රියාකාරි කමිටු රැස්වීමකට ඊයේ සහභාගි වෙමින්.

නව රජය බලයට පත්වීමෙන් අනතුරුව යුරෝපා සංගමයේ සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් වීමක් දක්නට ලැබෙන බව ද ඔවුන් කියා සිටියා.

ජිනීවා මානව හිිමිකම් කොමිසමේදී සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවට අදාළව දේශීය යාන්ත්‍රණයක් සහ වගවීමේ ක්‍රියාවලියක් සැකසීම පිළිබදව ද මෙහිදී අදහස් හුවමාරු කර ගත් බවයි යුරෝපා සංගම් නියෝජිතයන් වැඩිදුරටත් සදහන් කළේ.