2018 වෙනකම් ළමයි හදන්නේ බලාගෙනයි

Friday, 22 January 2016 - 13:42

2018+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
අලූතින් උපදින ළදරුවන්ගේ විකෘතිතා ඇති කරන සීකා නමැති වෛරස් රෝගය හේතුවෙන් වසර 2018 වනතුරු ගැබ් ගැනීම් පමා කරන ලෙස එල්සැල්වදෝර් රාජ්‍යය එරට කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කළා.

මෙය මදුරුවන්ගෙන් බෝ වන වෛරසයක් වන අතර, ඩෙංගු, කහඋණ සහ චිකන්ගුන්‍යා වාහක මදුරුවන්ට සමාන මදුරු වර්ගයකින් පැතිරෙන බවයි සොයා ගෙන ඇත්තේ.

සීකා වෛරසය මගින් ළදරුවන්ගේ ස්නායු ආබාධ ඇතිවිය හැකි බවට බ්‍රසීලයේ වෛරස් ආසාදිතයන් ඇසුරෙන් සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

වෛරසයට ගොදුරුවු ගැබිණි කාන්තාවන් 96 දෙනෙකු මේවන විට හඳුනාගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙතෙක් වෛසය ආසාධනය වී උපත ලැබු දරුවකු පිළිබඳ තොරතුරු හෙළිවී නොමැති බවයි එල් සැල්වදෝර බලධාරීන් ප්‍රකාශ කලේ.