වකුගඩු ජාවාරමකට ශ්‍රී ලාංකීක වෛද්‍යවරුන් 6 දෙනෙකු සම්බන්ධ බවට ඉන්දීය පොලිසිය කළ අනාවරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.
අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා කාන්ති ආරියරත්න, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා දීප්ති පෙරේරා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම කමිටුවට ඇතුළත්. ඉන්දීය පොලිසිය අනාවරණ කර ඇති පරිදි ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් වකුගඩු ශල්‍යකර්ම සිදුකළ බව සැලකෙන රෝහල්වලට ගොස් අදාළ කමිටුව පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
ඔවුන් සතියක් ඇතුළත කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශයට භාරදීමට නියමිත අතර, එම වාර්තාවට අනුව අදාළ වෛද්‍යවරුන් 6 දෙනා පිළිබදව වෛද්‍ය සභාව ද දැනුවත් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කළා.