අයි.එස් පරාජය කරනතුරු ප්‍රංශයේ හදිසි නීතිය

Friday, 22 January 2016 - 14:48

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
අයි.එස් හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයෙන් පරාජය කරනතුරු ප්‍රංශයේ හදිසි නීතිය පවත්වා ගැනීමට සිදුවන බව ප්‍රංශ අග්‍රාමාත්‍ය මනුවෙල් වාල්ස් ප්‍රකාශ කළා.

පැරිසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පසුගිය නොවැම්බර් 13 වනදා ප්‍රංශයේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කෙරුණු අතර පසුව එය මාස 3 කට දීර්ඝ කෙරුණා.

හදිසි නීතිය යටතේ පොලිසියට ත්‍රස්තවාදී සැකකරුවන් සොයා වැටලීම සිදුකිරීම සඳහා වැඩිබලතල හිමිවනවා. ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ යුරෝපයේ සංක්‍රමණික අර්බුදය හේතුවෙන් ත්‍රස්ත අවදානම ඉහළ ගොස් ඇති බවයි.