නිදහස ලැබූ ඉන්දීය ධීවරයන් 102 ක් සිය රටට ළඟාවෙයි

Friday, 22 January 2016 - 15:48

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+102+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තෛපොංගල් සැමරුම වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් එකසිය දෙදෙනෙකු ඊයේ එරට වෙරළාරක්ෂක නිලධාරින් වෙත බාරදීමට නාවික හමුදාව කටයුතු කළා.

මෙම ධීවරයන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් නැවත සිය රට බලා පිටත්වුණේ දින 50 කට පමණ පසුවයි.

අදාළ ධීවරයන් පිරිස පිළිගැනීමට ඔවුන්ගේ පවුලේ ඥාතීන් රාමේෂ්වරම් වෙරළට රැස්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.