ඇමති MKADS ගේ අභාවයෙන් හිස්වු පුටුවට පාර්ශව කිහිපයකින් අයිතිවාසිකම්

Friday, 22 January 2016 - 19:56

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+MKADS+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවයත් සමග පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට මේවන විට පාර්ශව කිහිපයක් විසින් හිමිකම් කීමට ඉදිරිපත් වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසන්නේ මැතිවරණයට පෙර එළඹි ගිවිසුමට අනුව එම මන්ත්‍රී ධුරය තම පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයට හිමිවිය යුතු බවයි.

අභාවප්‍රාප්ත වූ අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන්. 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රසිද්ධ කළ ජාතික ලැයිස්තු නාමලේඛනයේ අමාත්‍යවරයාගේ නම 13 වන ස්ථානයේ සටහන්ව තිබුණා.

මේ අතර පසුගිය 20 වනදා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි සඳහන් කළේ ලැයිස්තුවේ ඊළඟට සිටින පුද්ගලයා තමන් බවයි.

කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සඳහන් කළේ අවබෝධතා ගිවිසුමට අනුව තම ව්‍යාපාරයට එය හිමිවිය යුතු බවයි.

පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ හිටපු අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනගේ අවසන් කටයුතු සිදුකර නොමැති අවස්ථාවක මන්ත්‍රී ධුරය පිළිබද කතා කිරීම උචිත නොවන බවයි.