රටේ සුබදායක තත්ත්වය වැඩිදියුණු කළ හැක්කේ ක්‍රියාවෙන් පමණයි

Saturday, 23 January 2016 - 12:38

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
විදෙස් ආයෝජන සඳහා මෙරට පවතින සුබදායක තත්ත්වය වැඩිදියුණු කිරීමට අප ක්‍රියාවෙන් දායක විය යුතු බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා ඒ බව සදහන් කළේ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වී සිටින අතරතුර ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින්.

නැගෙනහිර ආසියාවේ අද පවතින ඉහළ සංවර්ධනය නුදුරේදීම ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොටගෙන දකුණු ආසියාවට ද පැමිණෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී විශ්වාසය පළ කළා.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ අවසන් දිනය අදයි. ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව ආරාධනා ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඊට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයින් රැසක් මුණ ගැසුණා.

අග්‍රාමාත්‍යවරයා ඊයේ දිනයේදී ස්විට්සර්ලන්ත ජනාධිපති ස්නයිඩර් අමන් ද මුණ ගැසී ඇති අතර, එහිදී ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර දේශපාලන සහ ආර්ථික සබඳතා ශක්තිමත් කරලීමට මෙන්ම මෙරට ජනවර්ග අතර සංහිදියාව තහවුරු කිරීමේ වැඩපිළිවෙලට ස්විට්සර්ලන්තයේ සහාය හිමි වන බවයි.

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති සම්මුතිවාදී ආණ්ඩුව මේ වන විට රට තුළ යහපත් තත්ත්වයක් ඇති කිරීම සතුටට කරුණක් බවත් ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.