අධිෂ්ඨාන පූජාව උණුසුම්

Sunday, 24 January 2016 - 7:55

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
‘‘දැයට පණ දෙමි සිංහලේ ’’ යන තේමාවෙන් විශේෂ ප්‍රතිඥාවක් ලබාදීම සදහා සිංහලේ ජාතික බලමුළුව ඊයේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි අතර, එම අවස්ථාවේ පොලිසිය සමඟ යම් උණුසුම් තත්ත්වයක් මතුවුණා.

කොළඹ නිදහස් චතුරස‍්‍රය අභියස සිට ඇරඹි විශේෂ රථ පෙරහරකින් ගමන් ආරම්භ කළ ඔවුන් ගමන් කළ රථවල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කර තිබූ අතර ඊට සහභාගි වූ පිරිස ද බෞද්ධ කොඩි අත දරා සිටියා. එසේම, ජාතික ධජය පිළිබද සංවාදයක් මතුකර පසුගිය කාලයේ ආන්දෝලනයකට තුඩුදුන් සුළු ජාතීන්ගේ නියෝජනය නොදැක්වෙන සිංහලේ කොඩිය ද ඔවුන් ප්‍රදර්ශනය කළා.

කොළඹ සිට පිිරිස පැමිණි රිය පෙරහර ඊයේ පස්වරු දෙක පමණ වනවිට මාවනැල්ල නගරයට ළගා වූ අතර එහිදී නගරය තුළ රතිඤ්ඤා දල්වා මහජනතාවට අවහිරයක් වන ලෙස හැසිරීමෙන් වළකින ලෙස පොලිසිය උපදෙස් ලබා දුන්නා.

එහිදී මාවනැල්ල පොලිසියේ නිලධාරින් සහ රථ පෙරහරේ පැමිණි පිරිස අතර උණුසුම් කතාබහක් ඇති වුණා.  

පසුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව අභියසට පැමිණි ඔවුන්ට පොලිසිය ප්‍රකාශ කර තිබුණේ ජාතික කොඩිය නොවන ධජයක් රැගෙන දළඳා මාලිගා පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩදිය නොහැකි බවයි.

එහිදී යළි උණුසුම් තත්ත්වයක් ඇතිවු අතර භික්ෂූණ් වහන්සේලා පමණක් දළඳා සමිඳුන් වැඳපුඳාගෙන යළි පැමිණියා.  

පසුව මහමළුවට පැමිණ ආගමික වතාවත්වල නිරත වී සෙත්පිරිත් සජ්ජායනා කිරීමෙන් පසු ඔවුන් ප්‍රතිඥාවක් ලබා දුන්නා.