UPDATE: 'සල්ලි කෑදරකමට ගිහින් කහ ඉරේ මල් කැකුළ පොඩි කළේ දෙයියනේ..' - මයුරපුර ගිනිගයි (ඡායාරූප)

Sunday, 24 January 2016 - 13:49

UPDATE%3A++%27%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%91%E0%B6%AF%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%84+%E0%B6%89%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%9A..%27+-++%E0%B6%B8%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%BA%E0%B7%92+++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය හේතුවෙන් කහඉර මත දී මිනිස් ජීවිත අහිමි වීමේ සිද්ධි පසුගිය දින කිහිපය තුළ සුලභව වාර්තා වුණා. ඊට ආසන්නතම සමාජයේ ආන්දෝලනාත්මක රිය අනතුර වූයේ දෙමටගොඩ - මවුන්ට්මේරි ප්‍රදේශයේ කහ ඉරක් මතදී 15 හැවිරිදි පාසල් පාසල් සිසුවෙකු පැදවූ මෝටර් රථයකට යටවී මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්වීමයි. අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් තවත් පාසල් සිසුවෙකුගේ ජීවිතය අහිමි කිරීමේ සිද්ධියක් අම්බලන්තොට - මයුරපුර ප්‍රදේශයෙන් අද වාර්තා වුණා.

දහම් පාසල් ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි දස හැවිරිදි කවිඳු මිහිරංග බස් රථයෙන් බැස කහ ඉරෙන් පාර මාරුවෙමින් සිටි අවස්ථාවේදී හම්බන්තොට සිට සූරියවැව දක්වා ධාවනය වූ ටිපර් රථයකට යටවී මිය ගියේ අද (24) දහවල් කාලයේයි. වැඩිමහල් සහෝදරියක් සිටින පවුලේ බාලයා වන කවිදුගේ මව දැනට විදේශගතයි පසුවන්නේ.

මෙම අනතුරට සම්බන්ධ ටිපර් රථය පැදවූ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ටිපර් රථය අදාළ ස්ථානයෙන් රැගෙන යාම සඳහා පොලිස් නිලධාරීන් පැමිණි අවස්ථාවේදී එය රැගෙන යාමට ප්‍රදේශවාසීන් ඉඩ ලබාදුන්නේ නැහැ. එම සිද්ධියත් සමඟ ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ. කුපිත වූ පිරිස් පහරදීම හේතුවෙන් ටිපර් රථයට ද සුළු අලාභ හානි සිදුකර තිබෙනවා. මෙම සිද්ධියට විරෝධය පා ප්‍රදේශවාසීන් මාර්ගය මැද ඉදගනිමින් විරෝධතාවයක ද නිරත වූ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු කියා සිටියේ.





(ඡායාරූප - සනත් ගමගේ, හම්බන්තොට)



(ඡායාරූප - අජිත් පුෂ්පකුමාර, අම්බලන්තොට)