අභියෝග ගැන සාකච්ඡා කිරීමට නිදහස් පක්ෂයේ විධායක සභාව අනිද්දා රැස්වෙයි

Sunday, 24 January 2016 - 20:10

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ විධායක සභා රැස්වීමක් අනිද්දා (26) පැවැත්වීමට නියමිතයි. මහවැලි කේන්ද්‍රයේදී මෙම විධායක සභා හමුව පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද සහභාගි වන ලෙස ආරාධනා කර ඇති බව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සදහන් කළා.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය, ඉදිරි පළාත් පාලන මැතිවරණය, රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ පක්ෂය හමුවේ ඇති අභියෝග පිළිබදව ද මෙම හමුවේදී වැඩි අවදානයක් යොමු කිරීමට නියමිතයි.

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ හමුවක් ද හෙට පැවැත්වෙනවා. මෙම හමුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්වනු ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදවත්, එමෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අනුගමනය කරන දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයන්ට පැමිණීමට බලාපොරොත්තු වන බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, බද්දේගම ආසනය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවක් ගාල්ලේදී අද සංවිධානය කර තිබුණා. ඊට එක්වූ දකුණු පළාත් සභා නිදහස් සන්ධාන මන්ත්‍රී පද්මසිරි ද සිල්වා කියා සිටියේ පළාත් පාලන නියෝජිතයින් රැසක් ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත්වීමට සූදානම් බවයි.