ශිරන්තිට අද ජනපති කොමිසමට කැඳවීමක් ?

Monday, 25 January 2016 - 10:39

%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%3F
හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද දිනයේ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටගෙන් මේ පිළිබදව කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඇය අද දිනයේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී නොසිටින බවයි.

ඒ වෙනුවට වෙනත් දිනයක් මේ සතිය තුළ ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළා.

හිටපු ජනාධීපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණේ පසුගිය රජය සමයේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවසක් සිය හිතවතෙකුට අඩු මුදලට ලබාදීමට අදාලව සිදු කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාදීමටයි.

එවකට නිවාස අමාත්‍යවරයාව සිටි විමල් වීරවංශ විසින් රුපියල් ලක්ෂ 55 ක වටිනාකමකින් යුත් නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවසක් රුපියල් ලක්ෂ 5 ක මුදලකට ලබාදී තිබුණේ ශිරන්ති රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියාව සිටි මිලින්ද රත්නායකටයි.