කැළණි ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්

Monday, 25 January 2016 - 11:07

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
යටියන්තොට - මීගහවැල්ල ප්‍රදේශයේදී කැළණි ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ දිය නාමින් සිටියදී මොහු දියේ ගිලී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ කටයුතු මේ වනවිටත් සිදුකරන බව යටියන්තොට පොලීසිය ප්‍රකාශ කළා.