විදුලි රැහැනක පැටලී වන අලි දෙදෙනෙකු මරුට

Monday, 25 January 2016 - 11:17

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගිරාදුරුකෝට්ටේ -වැලිමඩයාය ප්‍රදේශයේ කුඹුරක් වටා ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් වන අලි දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම වන අලි දෙදෙනා කුඹුරට ඇතුලූවීමට යාමේදී මෙලෙස විදුලි රැහැනේ පැටලී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ගිරාදුරුකෝට්ටේ වනජීවී කාර්යාලයේ නිලධාරින් සහ පොලීසිය එම ස්ථානයට පැමිණ තිබෙනවා.