හොරණ - වේරවත්තේ වෙඩි තැබීමක්

Monday, 25 January 2016 - 12:49

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+-+%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හොරණ - වේරවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රි සිදුවූ වෙඩි තැබීමකින් තරුණයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.

හොරණ - අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ක් සහ 28 ක් වන තරුණයන් දෙදෙනෙකුයි මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ඊයේ හොරණ - අගුරුවාතොට ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසට ගොස් ඇත්තේ ඔහු හමුවීම සඳහායි.

ඔවුන් එම නිවසේ රැඳී සිටින අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමට සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.