මේ වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීමේදී විදුහල්පතිවරුන් දෙමව්පියන්ගෙන් මුදල් ලබාගැනීමේ සූක්ෂම ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ දරුවන්ගේ නාමලේඛන නිවැරදි ලෙස සකස් කිරීම විදුහල්පතිවරුන් හිතාමතා පැහැර හරිමින් එම දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීම සඳහා දෙමව්පියන්ගෙන් මුදල් අයකරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේදී අල්ලස් ලබාගත් විදුහල්පතිවරුන් පිළිබඳව නිරන්තරයෙන් තොරතුරු වාර්තාවනවා.
පොළොන්නරුව සේවාමුක්ත මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු තුන්දෙනෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනුනේ දෙවන ශ්‍රේණිය සඳහා දරුවෙකු ඇතුළත් කරගැනීමේදී රුපියල් 7500 ක අල්ලසක් ලබාගත් බව පවසමින්.
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේදී මුදල් ලබාගැනීම පිළිබඳව හිරු ප්රවෘත්ති අංශය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන්ද විමසීමක් කළා.
අමාත්‍යවරයා කියා සිටියේ එවැනි මුදල් ලබාගැනීම් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් වහාම අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි කරන ලෙසයි.