රට තුළ පොහොර හිඟයක්

Monday, 25 January 2016 - 13:29

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දිවයින පුරා පොහොර හිගයක් පවතින බවට ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් කියා සිටියේ ඇතැම් කඩ හිමියන් පොහොර සගවා ඇති බවයි.

එමෙන්ම ගොවීන්ට නිකුත් කරන පොහොරද රජය අනුමත සහන මිලට වඩා අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවටද ගොවීන් චෝදනා කරනවා.

අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි ගොවීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අප මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ දිවයිනේ පොහොර හිගයක් නොමැති අතර පොහොර සගවාගෙන සිටින කූට වෙළඳුන් ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.