පොලිසියට නීතිය නැතිද? වැටත් නියරත් ගොයම් කා නම්......?

Monday, 25 January 2016 - 13:56

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA++%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%3F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A......%3F
නීතිය හා සාමය ආරක්ෂා කිරීම උදෙසා පොලිසියට පැවරී  ඇත්තේ ජාතික වගකීමක්. නීතී කඩන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාවේ  යෙදවීම ඒ අතරින් ප්‍රධානයි.

කෙසේ වෙතත් මෑත වකවානුවේ පොලිසිය සම්බන්ධ බොහෝ සිද්ධීන් පදනම් කර ගනිමින් ජනතාව වටිනාකම් තබා ඇති මට්ටම තක්සේරු කළ හැකියි.
පොලිසිය නීතිය  ආරක්ෂා කරනවාට වඩා  නීතිය කඩන බවටයි චෝදනා නැගෙන්නේ.

ඒ අතර...
මිල මුදලට යටවෙන ඇතැම් පොලිස් ලොක්කන්....
මත්පැනට ලොල්වන  ඇතැම් පොලිස් නිලධාරීන්...
සාමාන්‍ය ජනතාවට හිරිහැර කරන ඇතැම් පොලිස් නිලධාරීන්..  ආදී වශයෙන්  මෙකී නොකී  තවත් බොහෝ මතයන්  සැදී අවසන්.

කෙසේ වෙතත්  පොලිසිය පවසන්නේ  නීතිය නිසි ලෙස ආරක්ෂා කරන බවයි.

මාර්ග අනතුරුවලදීත් ඇතැම් වෙලාවට පොලිසියට චෝදනා එල්ල වෙයි. මාර්ග සංඥා, සළකුණු  ආදිය පිළිපැදිය යුත්තේ සාමාන්‍ය ජනතාව පමණද?
පැන නැගෙන ගැටළුවට  පිළිතුරු දිය යුත්තේද පොලිසියම විසින් බවට තවත් එක අවස්ථාවක් මෙලෙසින් දක්වන්නෙමු.

ඡායාරූප සහ වීඩියෝව නරඹා ඔබම තීරණය කරන්න .