හිත්තැටියේ අනතුරකින් අයෙකු මරුට - තවත් අයෙකුට බරපතලයි

Monday, 25 January 2016 - 14:15

%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මාතර - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ හිත්තැටිය ප්‍රදේශයේදි අද උදෑසන සිදුවූ රිය අනතුරකින්  එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුරෙන් බියගම - දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු මියගිය අතර තුවාල ලැබූ  මෝටර් රථයේ රියදුරා මාතර රෝහලේ ප්‍රතිකාර ලබනවා.