ඇඹිලිපිටිය සිද්ධියේ බව පැවසෙන CCTV දර්ශන මෙන්න

Monday, 25 January 2016 - 14:17

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%83%E0%B7%99%E0%B6%B1+CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පසුගිය 4 වනදා ඇඹිලිපිටිය - මහඇළ ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලීසිය සමඟ ඇතිවූ ගැටුමකින් 29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධන ජීවිතක්ෂයට පත්වුණා.

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නීතිපති උපදෙස් ලැබී තිබෙනවා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වනවිට ඇඹිලිපිටිය බලා පිටත්ව ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ සහ ඥාතීන් දිගින් දිගටම චෝදනා එල්ල කළේ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුට පහරදී ඉහළ මාලයකින් පහළට තල්ලූ කිරීමෙන් ඔහු මියගිය බවයි.

මේ අතර ඇඹිලිපිටියේදී පොලීසිය සමඟ ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියයාම පිළිබඳව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණය හමුවට යන බව නීතීඥ උදුල් ප්‍රේමරත්න පවසනවා.

මහත් ආන්දෝලනයට තුඩු දුන් ඇඹිලිපිටිය සිද්ධියේ බව පැවසෙන CCTV දර්ශන මෙන්න....



මේ අතර ඇඹිලිපිටියේදී මියගිය සුමිත් ප්‍රසන්නගේ පරීක්ෂණවලට අදාළව සබරගමුව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිවරයාට යැවූ විශේෂ වාර්තාව නීතීඥ උදුල් ප්‍රේමරත්න  අද (25) මාධ්‍යයට හෙළිදරව් කළා.