"පක්ෂ සභාපති මම නම්, කරන දේ දන්නවා"

Monday, 25 January 2016 - 21:07

%22%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B8++%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%22
ප්‍රධාන පක්ෂ දෙක එක්වී ආණ්ඩුවක් බිහි කළේ චරිත බිහි කිරීමට නොව යහපාලනය ගොඩනැගීමට පමණක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. පේරාදෙනිය - ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ අද (25) පැවැති තෛපොංගල් උළෙලට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව සදහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා පැමිණෙන්නේ දැයි හිටපු ජනාධිපතිනියගෙන් මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර සිටියා. එහිදී ඇය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමාගෙන් නොවිමසන ලෙසයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තමා නොවන බවත්, තමා සභාපති නම් කළ යුතු දේ දන්නා බවත් ඇය කියා සිටියා.