වකුගඩු ජාවාරමේ සැක වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නම් එළියට

Monday, 25 January 2016 - 21:05

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වී ඇති වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට සැලකෙන වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නම් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය අද (25) හෙළිදරව් කළා.

 මේ අතර, වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. ඒ අනුව මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අනාවරණ වී ඇති කරුණු පිළිබද විමර්ශනයක් සිදුකරන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියම කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුකට එක්වෙමින් අදහස් දැක්වූ එහි සභාපති සමන් රත්නප්‍රිය සදහන් කළේ පෞද්ගලික රෝහල් කිහිපයක සේවය කරන වෛද්‍යවරුන්ට මෙම ජාවාරම පිළිබඳව චෝදනා එල්ල වී ඇති බවයි.

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පංච පුද්ගල කමිටුවක් පත් කළ අතර, දින 3ක් ඇතුළත එම කමිටුව පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට නියමිතයි. එමෙන්ම මෙම සිද්ධිය මුල් කර ගනිමින් මෙරට රජයේ සහ පෞද්ගලික රෝහල්වල විදේශිකයන් සඳහා සිදුකරන වකුගඩු සැත්කම් තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා.