ට්‍රැක්ටරයක් අඩි 15ක ප්‍රපාතයකට පෙරළෙයි- රියදුරු මරුට

Tuesday, 26 January 2016 - 7:56

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%92+15%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%BA%E0%B7%92-+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නල්ලතන්නිය හැමිල්ටන් ප්‍රදේශයේදි ට්‍රැක්ටරයක් පෙරලියාමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රි 10 යි 30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

රියදුරුට රථ පාලනය කර ගත නොහැකිවී  මීටර් 15 ක ප්‍රපාතයකටයි පෙරලී ඇත්තේ.

බරපතල තුවාල ලැබු 66 හැවිරිදි ට්‍රැක්ටර් රියදුරු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

පශ්චාත් මරණ පරික්‍ෂණය අද පැවැත්වීමට නියමිතයි.

නල්ලතන්නිය පොලිසීය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ මෙහෙයවනවා.