මහරගම නගර සභාවේ පරිගණකයකින් කරන වැඩේ - හිරු CIA

Tuesday, 26 January 2016 - 7:58

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+-++%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+CIA
ජනවාරි 31 වන දිනට ප්‍රථම වරිපනම් බදු ගෙවීමේදී සහනයක් ලබාදීම හේතුවෙන් මහරගම නගර සභා පරිශ්‍රයේ  වරිපනම් අංශයේ ඇත්‍තේ දැඩි තදබදයක්.
සතියේ වැඩ කරන දින 5 ට අමතරව සෙනසුරාදා දිනයේදීත් ජනවාරි මාසයේ පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා වරිපනම් අංශය විවෘත කිරීමට තීරණය කර ඇත්තේ ජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කරලීම සඳහායි.

මහජන සුබසිද්ධිය සඳහා එවන් සාධනීය පියවරක් ගෙන තිබියදීත් වරිපනම් අංශයේ එක් නිලධාරිණියකගේ පරිගණකයක් සුවිශේෂි කටයුත්තකට වෙන් කර ඇති අයුරු අපට දක්නට ලැබුණා.ඒ, පස්වරු 1 ට පාසැල් අවසන්ව පැමිණෙන එම නිලධාරිණියගේ දරුවන් දෙදෙනාට පරිගණක ක්‍රීඩා කිරීම සඳහායි.

මේ හේතුවෙන් වරිපනම් අංශයේ තදබදය අවම කිරීමට ගත්  තීරණයේ අපේක්ෂිත ප්‍රථිපල මහජනතාවට නොලැබුණු අතර ඔවුන් පැමිණි කාරණය ඉටුකර ගැනීමට නොහැකිව හැරී යන අයුරුද අප නිරීක්ෂණය කළා.

එම වේලාව තුළ කාර්යාල සේවකයන් පැමිණ ලිපි ලේඛණ භාරදෙන්නේද මෙම පාසැල් දරුවන්ට වීම කණගාටුවට කරුණක්.

එලෙස ලබාදෙන මෙම ලිපි ලේඛණ අස්ථාන ගතවුවහොත් ඊට වග කියන්නේ කවුරුන්ද...?

සිය මව සේවය නිමකරනා තෙක් කාර්යාල පරිශ්‍රයේ සිටිමට ඇති අයිතිය සම්බන්ධයෙන් ඇතැම්විට ගැටළු මතුවිය හැකියි.

එය මානුෂිය කාරණයක් වුවද, මෙවන් අමනෝඥ ක්‍රියාවන් ඔස්සේ  මහජනතාවට සිදුවන අපහසුතාවයන්ට වග කියන්නේ කවුරුන්ද....?
රාජකාරි කාලය තුළදී මහරගම නගර සභාවේ වරිපනම් අංශයේ සිදුවන මෙම වරද දැන්වත් නිවැරදි කර ගැනීම නගරසභාවේ ලේකම්වරියට ඇති පැහැර හැරිය නොහැකි වගකීමක්.

එම වරද නිවැරදි කරගන්නේ දැයි හිරු CIA  අවධියෙන්....