ත්‍රිකුණාමලය - සාම්පූර් ප්‍රදේශයේ නිවසක් පිටුපස පාළු ළිඳක තිබී ගලක ගැට ගසා තිබූ කුඩා ළමයෙකුගේ මළ සිරුරක් ඊයේ (25) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 6ක් පමණ වන මෙම පිරිමි ළමයා ළිඳට දැමුවේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
මෙලෙස මිය ගොස් ඇත්තේ සාම්පූර් මහා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක්.
ඊයේ පාසල නිමා වී නිවසට පැමිණි දරුවා අතුරුදන් වී ඇති බවට ඔහුගේ දෙමාව්පියන් විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ අනුව සිදුකළ පරීක්ෂණවලට අනුවයි නිවස අසළ පාළු ළිඳක තිබී සිරුර සොයාගෙන ඇත්තේ.
සිමෙන්ති බ්ලොක් ගලක ලේස් පටියක් මගින් ශිෂ්‍යයා බැඳ තිබූ බව සදහන්.
පොලිස් සුනඛයෙකු ද යොදාගෙන පරීක්ෂණ කටයුතු සිදුකළ ද සැකකරු පිළිබද හෝඩුවාවක් නොලැබුණු බවයි පොලීසිය සදහන් කළේ. සිද්ධිය පිළිබඳව සාම්පූර් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.