කොන්දොස්තරවරයෙකු බස් රථයකදී ඝාතනය කෙරේ

Tuesday, 26 January 2016 - 13:15

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හංවැල්ල - පොදු සුසානභූමිය අසළ දී බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ රනාල - සුදවිල පාර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු බවයි හංවැල්ල පොලීසිය ප්‍රකාශ කළේ.

මොහු පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු වන අතර, සේවය නිමවී නැවත නිවස වෙත යමින් සිටියදී මෙලෙස ඝාතනය කර ඇති බව පොලීසිය සදහන් කළා.

ඝාතනයට සම්බන්ධ  සැකකරු හඳුනාගෙන ඇති අතර, ඊයේ දහවල් ඇති වූ බහින්බස්වීමේ සිද්ධියක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය කියා සිටියේ.