MH370 සුන්බුන් සෙවූ සෝනාර් යානයත් මුහුදු පත්ලේ අතුරුදන්

Tuesday, 26 January 2016 - 13:21

MH370+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
ඉන්දීය සාගර පත්ලේ අතුරුදන් වූ MH370 මලයාසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීමේ නිරත වූ ශබ්ද තරංග මගින් ක්‍රියාත්මක වන සෝනාර් පරීක්ෂණ යානය අතුරුදන් වී තිබෙනවා.

මුහුදු පත්ලේ මීටර් 2200ක් පමණ මතුපිටට විහිදුණු ගිනි කන්දක හැපීමෙන් එහි රැහැන් පට බිදී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ටෝෆිෂ් ලෙස නම් කෙරුණු මෙම පරීක්ෂණ යානය මුහුදු මතුපිටට සම්බන්ධ වූයේ මීටර් 4500ක් දිගැති රැහැන් පටකින්.

මෙම පරීක්ෂණ යානයට විද්‍යාත්මක උපකරණ රැසක් සවිකර තිබූ බව සදහන්.

එම්. එච්. 370 ගුවන් යානය මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං බලා ගමන් ගනිමින් සිටියදී  පුද්ගලයන් 239ක් සමග අතුරුදන් වූයේ 2014 වසරේ මාර්තු 08 වැනිදායි.