නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගයින්ගෙන් රුපියල් හැත්තැ පන්ලක්ෂයක් පමණ මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනිට එරෙහිව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, අදාළ පුද්ගලයින් පොලිස්පති සහන මැදිරියට කර ඇති පැමිණිලිවලට අනුවයි.
පසුගිය 2014 වසරේදී හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ අනුදැනුම මත ඔහුගේ පෞද්ගලික ලේකම්වරියක විසින් මෙම මුදල් ලබා ගත් බවත්, එහෙත් පොරොන්දු වූ පරිදි තමන්ට රැකියා නොලැබුණු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී පුද්ගලයින් 18 දෙනෙකුගෙන් රුපියල් තුන්ලක්ෂ 46,000ක බැගින් ලබාගෙන ඇති අතර, එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 13 ලක්ෂ 60,000ක මුදලක් ලබාගෙන ඇති බව සදහන්.
එම මුදල ලබාගෙන ඇත්තේ ආනමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් වන අතර, සෙසු මුදල් ලබාදුන් පුද්ගලයින් හලාවත, පුත්තලම, කල්පිටිය සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන්.