නිදහස් පක්ෂයේ විශේෂ විධායක සභා රැස්වීම ඇරඹේ

Tuesday, 26 January 2016 - 13:57

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ විධායක සභා රැස්වීමක් මේ වන විට කොළඹ දී පැවැත්වෙනවා.

ඒ, පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

මහවැලි කේන්ද්‍රයේ පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව නියෝජනය කරන සාමාජිකයින් එක්ව සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය, නව ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම පක්ෂය තුළ පැන නැගී ඇති අර්බුද පිළිබදව මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි.

මේ අතර, ඊයේ හිරු ටී.වී. ඔස්සේ විකාශනය වූ සලකුණ දේශපාලන වැඩසටහනේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලට සහභාගි වන ආකාරය සාකච්ඡාවට ලක්වුණා.

ඊට එක්වූ අමාත්‍ය ඩිලාන් පෙරේරා සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන සන්ධානයකට විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිළ ඇතුළත් නොවනු ඇති බවයි.