ජාතික ගැටළුවට විසඳුම බලය බෙදීමයි

Tuesday, 26 January 2016 - 14:00

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
නව ව්‍යවස්ථාව, රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ආරම්භය වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මේ බව කියා සිටියා.

ජාතික ගැටළුවට එකම විසඳුම වන්නේ බලය බෙදීම පමණක් බව මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැණයකට පිළිතුරු ලබාදෙමින් සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මේ අතර මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සදහා විදේශීය විනිසුරුවන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවට ජනාධිපතිවරයා බීබීසී සංදේශයට කළ ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරනවා.

පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් මහතා මේ බව සදහන් කළා.