අතවර චෝදනා එල්ලවූ ඌවේ ක්‍රීඩා ලේකම්ට ඇප

Tuesday, 26 January 2016 - 16:21

%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B6%8C%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
කාන්තාවකට අතවර සිදුකිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන සිටි ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් සුමිත් සුරවීර අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණා.

ලේකම්වරයා විසින් තමන්ට අතවර කළ බවට ඔහුගේ කාර්යාලයේ සේවිකාවක් සිදුකළ පැමිණිල්ලකට අදාළවයි ඊයේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ.

අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50 000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත දෙකක් මත සැකකරු මුදාහැරීමට බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.